hit counter

2025 ඔක්‍තෝබර් මස 17 වන සිකුරාදා

2024 පෙබරවාරි 08, ප.ව. 1:49



ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා.

මහනුවර පල්ලේකැලේ හිදි හෙට (09) ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා නම් කළ සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස් හට හිමි තිබෙනවා.

නමුත් සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලියට සහභාගී වූ හිටපු නායක දසුන් ශානක මෙම සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වන චාමික කරුණාරත්න සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේහට මෙම කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබීමත් විශේෂත්වයක්.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හට මෙම සංචිතයේ ද දොරගුළු වැසී ගොස් තිබෙනවා.

නම් කළ ශ්‍රී ලංකා සංචිතය.
කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, සහන් ආරච්ච්ගේ, ශෙවෝන් ඩැනියෙල්, ජනිත් ලියනගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්