hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 12, ප.ව. 9:30



දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නීල් මැකෙන්සි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කර තිබේ. 

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සමග කටයුතු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 27 වනදා ඩර්බන් හිදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 05 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ටෙස්ට් තරගාවලියේ ආරම්භයට පෙර පුහුණුවකට ඊයේ රාත්‍රීයේ දකුණු අප්‍රිකාව බලා පිටත් ව ගියා.

එම ක්‍රීඩකයින් වන්නේ, ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු කුමාර, ප්‍රබාත් ජයසූරිය, නිශාන් පීරිස්, මිලාන් රත්නායක, කසුන් රාජිත සහ ලසිත් ඇඹුල්දෙණියයි.