hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:42



මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද පස්වරු 2ට ලක්නව්හිදී ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම සහභාගී වූ තරග දෙකම පරාජය වී මෙම තරගයට එක්වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් අතරට සිටිමින්.

ලෝක කුසලානයේ ඉදිරියට යෑම සදහා මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලටම තීරණාත්මක වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් අද සිදුවීමට ද නියමිතයි.

දිමුත් කරුණාරත්න ,චාමික කරුණාරත්න සහ ලහිරු කුමාර හෝ කසුන් රාජිත මෙම තරගයට එක්වීමට ඉඩ ඇත්තේ කුසල් ජනිත් පෙරේරා ,ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත් වූ දසුන් ශානක සහ මතීෂ පතිරණ වෙනුවටයි.