hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 07, ප.ව. 12:58



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය අද පස්වරු 2.00ට දිල්ලිහිදී ආරම්භ වීමට නියමිතයි.

ආබාධයක් හේතුවෙන් මෙම තරගයට මහීෂ් තීක්ෂණ සහභාගීවන නොවන අතර කුසල් ජනිත් පෙරේරා සහ නායක දසුන් ශානක දකුණු අප්‍රිකා තරගයට එක්වන බව ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව 2019 ලෝක කුසලානයේදී ද හමුවූ අතර එම තරගය ජය ගත්තේ දකුණු අප්‍රිකාවයි.