hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 ජනවාරි 07, පෙ.ව. 11:13



සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය වාර්ෂාව හේතුවෙන් අත් හැර දමන්නට සිදු විය.

කොළඹ R.ප්‍රේමදාස පිටියේදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී ලකුණු 273ක් ලබා ගත්තේය.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ද, සදීර සමරවික්‍රම ලකුණු 41ක් ද ,චරිත් අසලංක ලකුණු 101ක් ද ලබා ගත්තා.

චරිත් ඊයේ වාර්තා කළේ සිය 3 වන එක්දින ශතකයයි.

රිචඩ් න්ගාරාව ලකුණු 39කට කඩුලු 2ක් ද,බ්ලේසින් මුසරබානි ලකුණු 62කට කඩුලු 2ක් ද,ෆරාස් අක්‍රම් ලකුණු 58කට කඩුලු 2ක් ද බිද දමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 4කදී කඩුලු 2ක් දැවී ලකුණු 12ක් ලබා අසීරු තත්ත්වය පසු මොහොතේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ අනුව යළි තරගය ආරම්භ කිරීමට නොහැකි වු අතර තරගය අත් හැරදැමීමට පසුව පියවර ගත්තා.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වෙනවා.