2024 මාර්තු 10, පෙ.ව. 9:06
බංග්ලාදේශයට එරෙහි තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 තරගය ලකුණු 28කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ ජය 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවිණි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 07කට ලකුණු 174ක් ලබා ගත්තා.
කුසල් මෙන්ඩිස් පන්දු 55කදි ලකුණු 86ක් රැස්කළේ සිය ඉනිමට හතරේ සහ හයේ පහර 6 බැගින් එල්ල කරමින්.
බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කරන්නට නුවන් තුෂාර සමත්වුයේ සිය මංගල කඩුලු ත්‍රිත්වය වාර්තා කරමිනි.
එහිදි සෞම්‍ය සර්කාර්,නජ්මුල් හුසේන් සැන්ටෝ සහ ටවුහිඩ් රිදොයි නුවන් තුෂාරගේ කඩුලු ත්‍රිත්වයට හසු වූ බංග්ලාදේශ පිතිකරුවන්ය.

ටවුහිඩ් දැවි යන අතරතුර වචන හුවමාරුවකට පැමිණි අයුරු ද දක්නට ලැබිණි.

නුවන් තුෂාර බංග්ලාදේශ ඉනිමේ කඩුලු 05ක් දවා ගත් ,අතර නායක වනිඳු හසරංග,කඩුලු 02ක් බිඳහෙළීමට සමත්විය.
බංග්ලාදේශ ඉනිම පන්දුවාර 19යි පන්දු 04කදි ලකුණු 146කට සීමාවුණා.

තරගයේ වීරයා ලෙස නුවන් තුෂාර සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබුවේ කුසල් මෙන්ඩිස්ය.
තරගාවලියේ ජය සංකේත ප්‍රධානයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිඩකයන් ටයිම් අවුට් පෙන්වමින් ජය සැමරීම කැපී පෙණුනා.
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52
2026 අප්‍රේල් 23, පෙ.ව. 7:39
2026 අප්‍රේල් 22, ප.ව. 9:58