hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 26, පෙ.ව. 8:13



කාන්තා T20 ලෝක කුසලානයට සුදුස්සන් තේරීමේ ක්‍රිකට් තරගාවලියේ තායිලන්තය සමග පැවැති තරගයෙන් ලකුණු 67ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

අබුඩාබිහිදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 122ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්තයට පන්දුවාර 16.2කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 55ක් පමණයි.