hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 02, ප.ව. 2:06



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වූ පළමු T20 තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය මහීෂ් තීක්ෂණ විසින් යැවුවා..

එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 8ක් රැස් කළා.

ඒ අනුව, ලකුණු 9 පන්දු 3ක් තුළදී ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 196ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස් කළ අතර සුපර් ඕවරයෙන් තරගයේ ජය තීරණය වුණා.