hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ජූනි 24, පෙ.ව. 11:58



T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට එංගලන්තයට හැකියාව ලැබුණේ අමෙරිකාව කඩුලු 10කින් පරාජය කරමින්ය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අමෙරිකාවට පන්දුවාර 18.5කදී ලකුණු 115ක් ලබා ගත්තේය.

මෙහිදී ක්‍රිස් ජෝර්ඩන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන්නට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 9. 4කදී කිසිවෙකු නොදැවී ලකුණු 117ක් ලබා තරගයේ ජය ගත්තේය.

ජොස් බට්ලර් පන්දු 38කින් නොදැවී ලකුණු 83 යි

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 3ක් ලද දකුණු අප්‍රිකාව ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තේය.

කයිල් මේයර්ස් ලකුණු 35ක් සහ රොස්ටන් චේස් ලකුණු 52යි.

තබ්‍රේස් ශම්සි ලකුණු 27කට කඩුලු 3යි.

වර්ෂාවෙන් බාධා එල්ල වූ තරගයේ පන්දුවාර 17කදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 123ක ඉලක්කයක් දකුණු අප්‍රිකාවට හිමිවිය.

එහිදී දකුණු අප්‍රිකාව පන්දුවාර 16.1කදී කඩුලු 7ක් දැවී ලකුණු 124ක් තරගය ජය ගත්තාය.

T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට දකුණු අප්‍රිකාව අපරාජිත සුදුසුකම් ලබා ගත්තා.