hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2026 ජූනි 26, ප.ව. 11:47



බටහිර කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 308ක් රැස් කිරීමට සමත් වුණා.

ධනංජය ද සිල්වා පන්දු 168කදී හතරේ පහර 17ක් සමගින් ලකුණු 120ක් රැස් කළේය. 

මෙය ධනංජයගේ 13 වැනි ටෙස්ට් ශතකයයි.

සොනාල් දිනූෂ ලකුණු 43ක් රැස් කළේය.

දෙවන දිනයේදී පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව්වන් මේවන විට කඩුලු 3ක් දැවී ලකුණු 151ක් ලබා ගෙන සිටියි.