hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 10, පෙ.ව. 8:25



හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.

ඔහුගේ ධුර කාලය වසර තුනහමාරක් වෙයි.

මෙම මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරයේ සිට ගාම්භීර් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

පසුගිය T20 ලෝක කුසලාන තරගාවලිය දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ රාහුල් ඩ්‍රාවිඩ්ය.

ගාම්භීර්ගේ ප්‍රධාන පුහුණුකරු ධුරය යටතේ මෙවර IPL තරගාවලියේ ශූරතාව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම දිනා ගත්තා.