hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 17, ප.ව. 1:51



දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණිම අඩු වීම නිසා දකුණු වෙරළ තීරයේ සර්පින් ක්‍රිඩාවේ නිරතවුවන් ගැටළු රැසකට ලක්ව ඇති බව ඔවුහු පෙන්වා දෙනවා.

මෙම තත්වය නිසා මොවුන්ගේ ආදායම් පහත වැටී ඇති අතර සර්පින් ක්‍රිඩා මධ්‍යස්ථානවල සේවකයින්ට පඩි නඩි ගෙවීමට පවා නොහැකි තත්වයක් උදාවී ඇති බව එහි හිමිකරුවන් පෙන්වා දෙනවා.

දකුණු වෙරළ තීරයේ හික්කඩුව, දෙවට, වැලිගම, මිරිස්ස අහංගම සර්පින් ක්‍රීඩාවට නැතහොත් දියමත ලිස්සා යාමේ ක්‍රීඩාවට ප්‍රසිද්ධ ස්ථානයන්.

ගාල්ල දෙවට වෙරළ තීරයේ සර්පින් ක්‍රිඩා පුහුණුකරුවකු ලෙස කටයුතු කරන ප්‍රසාද් ජයන්ත තිරාණගම මෙසේ අදහස් දක්වා සිටියා,

“පසුගිය කාලයේ පැවති ඉන්ධන අර්බුදයත් එක්ක අපි අනාථ වුනා. සේවකයින්ට පඩි ගෙවා ගන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. සර්පින්  ක්‍රිඩාවට ගොඩක් කැමති රුසියානු ජාතිකයින්. ඔවුන් ලංකාවේ මාසයක් රැදිසිටියහොත් සෑම දිනකම වගේ සර්පින් ක්‍රිඩා කිරිමට පැමිණෙනවා. යුරෝපිය රටවලට ඉදලා පැමිණෙන විදේශිය සංචාරකයින් නම් සර්පින් ක්‍රිඩා කරන්නේ දින දෙක තුනක් පමණයි. දෙවට මුහුදු තිරය සර්පින් ක්‍රිඩා කිරිමට ඉතා හොද මුහුදු තිරයක්. ගල්පර නැහැ වැලි පමණයි තියෙන්නේ. නුවර පෙරහැරත් සමග අගෝස්තු මාසයේ විදේශිය සංචාරකයින් සැලකිය යුතු පිරිසක් මෙරටට පැමිණෙනවා. නමුත් මෙදා වෙනදා මෙන් විදේශිය සංචාරකයින් මෙරටට පැමිණියේ නැහැ.”