hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 7:46



වයස අවුරුදු 20න් පහළ දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් කිහිපයක් දිනා ගත්තේය.

බාලක මීටර 100 ඉසව්වේ රන් පදක්කම මෙරෝන් විජේසිංහ දිනා ගත් අතර එහි රිදී පදක්කම දිනෙත් ඉදුවර දිනා ගත්තා.

මිටර 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සවිදු අවිශ්ක සමත් විය.

කාන්තා මීටර් 800දී තරුෂි අහිෂේකා රන් පදක්කම ජයගැනිමට සමත්විය.

සන්සලා හිමාෂිනි මිටර 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

කාන්තා උස පැනීම ඉසව්වේ රිදී පදක්කම නෙතාරා සමාධිට සහ කෂ්මිකා තිමේෂිට හිමිවිය.

පිරිමි යගුලිය දැමීම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගැනීමට ජයවි අල්විස් සමත්විය.