hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:37



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළා.

අවසන් මොහොතේදී වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ලෝක කුසලාන සංචිතයට කැදවා තිබෙන අතර ඒ වනිඳු හසරංගේ ආබාධය තවමත් පූර්ණ සුවය ලබා නොතිබීම නිසයි.

කෙසේවෙතත් වනිඳුට ලෝක කුසලානයට සහභාගී වන්නට සියුම් අවස්ථාවක් තිබෙනවා.

ඔහුගේ තත්ත්වය වෛද්‍යවරුන් විසින් පරික්ෂණයට ලක්කරන අතර ඔහුට ක්‍රීඩා කළ හැකි වූ පසු ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට මේවන විට අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් වනිඳු හසරංග එම ක්‍රීඩකයා වෙනුවට සංචිතයට ආදේශ කිරීමට හැකියාව ලැබෙනවා.

ලෝක කුසලානයට සහභාගීවන ශ්‍රී ලංකා නිල සංචිතය වන්නේ නායක දසුන් ශානක ,උපනායක කුසල් මෙන්ඩිස් ,කුසල් ජනිත් පෙරේරා ,දිමුත් කරුණාරත්න ,පැතුම් නිස්සංක ,සධීර සමරවික්‍රම චරිත් අසලංක ,ධනංජය ද සිල්වා ,දුනිත් වෙල්ලාලගේ ,මහීෂ් තීක්ෂණ ,දුෂාන් හේමන්ත,කසුන් රාජිත ,මතීෂ පතිරණ,ඩිල්ෂාන් මධුෂංක සහ ලහිරු කුමාරයි.

චමික කරුණාරත්න අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබෙනවා.