hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 24, ප.ව. 10:09



ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංගට සීමිත පන්දුවාර තරග 2ක් තහනමක් පැනවීමට ICCය තීරණය කර තිබෙනවා.

ඒ ඇෆ්ගනිස්තානය සමග පැවති 3වන 20-20 තරගයෙන් අනතුරුව විනිසුරු ලින්ඩල් හැනිබල් සමග ඇතිවූ වචන හුවමාරුව නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩක ආචාර ධර්ම කඩකෙරූ බවට වූ චෝදනාව හේතුවෙන්.

පසුගිය මාස 24ක කාලය තුළ ක්‍රීඩක ආචාර ධර්ම කඩකිරීම නිසා වනිඳුට හිමිවූ දඬුවම් ලකුණු සංඛ්‍යාව 5ක් බවට පත්වීමත් සමග ඔහුට ජාත්‍යන්තර සීමිත පන්දුවාර තරග 2ක තනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ක්‍රීඩකයෙක් ICC ක්‍රීඩක ආචාර ධර්ම කඩකිරීම හේතුවෙන් මාස 24ක කාලයක් තුළ දඬුවම් ලකුණු 5ක් හිමිකර ගතහොත් ඔහුට ටෙස්ට් තරගයක හෝ සීමිත පන්දුවාර තරග 2ක තහනමක් පැනවෙනවා.

එම තහනමත් සමග වනිඳුට බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු T20 තරග 2 අහිමිවනු ඇති.