hit counter

2026 ජූනි මස 10 වන බදාදා

2022 මැයි 09, පෙ.ව. 9:34



න්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 67 කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වී තිබෙනවා.

එම තරගයේ සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අසරණ කරමින් කඩුලු 5ක් දවා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙවර IPL තරගාවලියේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වනිඳු හසරංග විසින් වාර්තා කර තිබෙනවා.

රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරමින් IPL තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් විදෙස් පන්දු යවන්නා ලෙසද වනිඳු හසරංග මෙලෙස වාර්තා අතරට එක්වී තිබෙනවා.