2024 ජූලි 21, පෙ.ව. 8:12
කාන්තා ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 111ක් ලබා ගත්තේය.

උදේශිකා ප්‍රබෝධනී ලකුණු 20කට කඩුලු 2ක්ද, ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 17කට කඩුලු 2ක්ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17.1කදී කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා තරගය ජය ගත්තා.

විශ්මි ගුණරත්න ලකුණු 51ක් ද ,හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33ක් ද ලබා ගත්තේය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20