hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 18, ප.ව. 12:03



2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් යුපුන් අබේකෝන් අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

යුපුන් අබේකෝන් අද (18) අලුයම 05.45 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමක් සිදු කළ අතර එහිදී ඔහු පිළිගැනීම සදහා යුපුන්ගේ දයාබර මව සුජීවා කොඩිකාර, ඔහුගේ පියාගේ මව එම්.ඒ.කරුණාවතී, ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු, එහි උප සභාපති , බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ තිලක් අල්පොන්සෝ ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.

එහිදී අදහස් දැක්වූ යුපුන් අබේකෝන් මහතා,

“මම මේ අවුරුද්දේ විශාල ජයග්‍රහණ රාශියක් අත් කර ගෙන තියෙනවා. දකුණු ආසියාවේ මෙම ඉසව්ව තත්පර 10 ට අඩු කාළයකින් නිමාවට පත් කරල ඉතිහාසගත වී තිබෙනවා. මම ලෝකයේ 167 වන ක්‍රීඩකයා. ඒ වගේම ලෝකයේ 32 වන රට බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා. මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට අමතරව මම බර්මින්හැම් ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්ව සදහා ලෝකඩ පදක්කම දිනා ගෙන තිබෙනවා. මම මේ වනවිට ලෝකයේ පවත්වන සියලුම ධාවන තරග සදහා සහභාගී වී තියෙනවා. මගේ මේ ජයග්‍රහණය පුහුණුවීම් වල ප්‍රතිඵලයක්. ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුව පුහුණුවීම් සහ සත්කාර මට ලැබුණා. අවශ්‍ය වෙලාවට උදව් ලැබුණා. මම මාසයක පමණ කාළයක් ශ්‍රී ලංකාවේ රැදී සිටිනවා. තව සති දෙකකින් 2023 ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා ශූරතාවලිය මගේ මීළඟ බලාපොරොත්තුව වන අතර ඒ සදහා ශ්‍රී ලංකාවේ සිට පුහුණුවීම් ආරම්භ කරනවා. මම ශ්‍රී ලංකාවේ රැදී සිටින කාළය තුළ ගම්බද ක්‍රීඩකයන් හට උදව් කිරීමට ද කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”