hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 දෙසැම්‍බර් 13, පෙ.ව. 11:10



ලබන වසරේ සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

ඒ අනුව තරගාවලියට T20 තරග 03ක් සහ එක්දින තරග 03ක් ඇතුළත්ව තිබෙනවා.

තරගාවලියේ එක්දින තරග ජනවාරි මස 06, 08 සහ 11 වනදා පැවැත්වීමට නියමිතයි.

T20 තරග ජනවාරි මස 14,16 සහ 18 යන දිනවලදී පැවැත්වෙනවා.

මෙම තරග සියල්ල කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබීමත් කැපී පෙනෙනවාය.

සිම්බාබ්වේ කණ්ඩායම ලබන ජනවාරි මස 03දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.