hit counter

2025 සැප්‍තැම්‍බර් මස 17 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:35



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රමුඛ එම පක්ෂයේ නියෝජිත පිරිසක්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා ඊයේ (16) දින තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස වෙත පැමිණ තිබුනි.

මෙම හමුව පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් විමල් වීරවංශ සඳහන් කර තිබුනේ, වසර 30ක ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා ලබාදුන් දේශපාලන නායකත්වයට කෘතගුණ සැලකීමක් ලෙස ඔහු දැක බලාගැනීම සඳහා පැමිණි බවයි.

එම ඓතිහාසික කාර්යභාරයට ගරු කිරීමක් වශයෙන් තමන් ඇතුළු පිරිස රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම විමල් වීරවංශ මහතා සිය සටහන මගින් පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, තමාට එල්ල වී ඇති ජීවිත තර්ජන නොසලකා කොළඹ පිහිටි නිල නිවස රජයට භාරදී මෑතකදී තංගල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවසට පැමිණීම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අවධානයට ලක්වූවක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: