2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:07
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ වෙනස් ලෝකයක් සහ සමාජයක් නිර්මාණය කිරීමට නම්, අප සියලු දෙනාම වෙනස් වීමට කැමති විය යුතු බවයි.
වෙනස් වීමට අකමැති නම් එම අරමුණ ඉටු කර ගැනීම අමාරු බව ඔහු අවධාරණය කරයි.
සිල්වා මහතා පෙන්වා දෙන ආකාරයට, පවතින සමාජය හොඳ නැති බව සියලු දෙනාම දන්නා අතර, ඒ අනුව අපට සමාජය වෙනස් කිරීමට සිදු වී ඇත.
එසේම, පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කරයි.
මන්දයත්, එම අධ්‍යාපන ක්‍රමය කරදරකාරී හා කටුක වන බවත්, එය අපේ දරුවන්ට ප්‍රතිඵල ගෙන දීම සම්බන්ධයෙන් ගැටලු ඇති කරන බවත් කවුරුත් දන්නා බව ඔහු ප්‍රකාශ කරයි.
කෙසේ නමුත්, වෙනස් කිරීමේ ක්‍රියාවලිය පහසු නොවන බව ද සියලු දෙනාම දන්නා කරුණක් බව ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙයි . යම්කිසි දෙයකට පුරුදු වූ විට, එම පුරුද්දෙන් මිදීම අපහසු වන බව ඔහු සඳහන් කරයි
පසුගිය දින කිහිපය තුළ රිය අනතුරු සිදුවීම් සිදුවූ බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව දුක් වූ බවත් ඔහු සඳහන් කරයි. නමුත්, මාර්ග ආරක්ෂාව වෙනුවෙන් කිසියම් නීතියක් රජය විසින් හඳුන්වා දුන්නොත්, එය පිළිගැනීමට ජනතාව කැමති නොවන බව ඔහු පෙන්වා දෙයි.
නිදසුනක් ලෙස, වාහන එළවීමේදී ආසන පටිය පැළඳ ගන්නා ලෙස පැවසූ විට ජනතාව රජය සමඟ ගහගන්න පෙළඹෙන බව සිල්වා මහතා ප්‍රකාශ කරයි.
2025 සැප්‍තැම්‍බර් 21, ප.ව. 7:13
2025 සැප්‍තැම්‍බර් 21, ප.ව. 7:11
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:08
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25