hit counter

2025 සැප්‍තැම්‍බර් මස 21 වන ඉරිදා

2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:03



ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ගල්ගුහා, හුඹස් හෝ ගස්බෙනවල ජීවත් විය යුතු දැයි තමාට ප්‍රශ්නයක් ඇති බව ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ, මහා පරිමාණ හොරකම් හෝ මත්කුඩු ජාවාරම්වලින් මුදල් ඉපැයීම හෝ අනුන්ගෙන් ඉල්ලා ජීවත් වීම යන කරුණු දෙකම සලකා බැලිය යුතු බවයි.

දේශපාලනය සහ ජනතාව විකුණා මුදල් උපයා නොගැනීම වඩාත් වැදගත් බවත්, එසේ ජීවත්වීම සදාචාර සම්පන්න බවත් ඔහු අවධාරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට ජනතාවගේ සහය ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වසන්ත සමරසිංහ මහතා මුල සිටම පෞද්ගලික පන්ති පැවැත්වූ අයෙකු බවත්, තවත් පිරිසකට දේපළ තිබූ බවත් ඔහු උදාහරණ ලෙස දැක්වීය.

අනෙක් පක්ෂවල නායකයින්ට එලෙස ජනතා සහය නොලැබීම ගැන කළ හැකි දෙයක් නොමැති බවද ඔහු කීවේය.

මෙය න්‍යායාත්මකව පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු මාතෘකාවක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: