2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10
පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා “මව්බිම” පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී තමන්ගේ සහ පක්ෂයේ දේපළ පිළිබඳව පැහැදිලි කිරීමක් කර තිබුණි.
පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස, පක්ෂය සතු සියලුම දේපළවල වගකීම මධ්‍යම කාරක සභාව වෙනුවෙන් තමාට පැවරී ඇති අතර තමාට පෞද්ගලික දේපළ කිසිවක් නොමැති බවත්, පක්ෂයේ මූලස්ථානය වන පැලවත්ත කාර්යාලයද තමාගේ පුද්ගලික දේපළක් නොවන බවත් ටිල්වින් සිල්වා මහතා පවසයි.
එමෙන්ම පක්ෂයට අයත් වාහන, ඉඩම් සහ වෙනත් දේපළ පවා “ප්‍රධාන ලේකම්ගේ තනතුරේ නමට” ලියාපදිංචි කර ඇති බවත්, හෙට දිනයේ වෙනත් කෙනෙකු ප්‍රධාන ලේකම් වුවහොත් එම වගකීම ඔහුට පැවරෙන බවත් ටිල්වින් සිල්වා පවසයි.
මෙම දේපළ ලැබුණේ කෙසේදැයි සම්මුඛ සාකච්ඡාව අතරතුර විමසූ විට, සිල්වා මහතා කියා සිටියේ, ඒවා විවිධ මාර්ග ඔස්සේ ලැබුණු බවයි.
“සමහර ඒවා තෑගි ලැබුණු ඒවා. සමහර ඒවා අපි මුදල් එකතු කරලා හොයාගත්ත ඒවා. ඇත්ත ගත්තොත් සමහර ඒවා මන්ත්‍රී අරමුදල් පාවිච්චි කරලා ගත්ත ඒවා” යනුවෙන් ඔහු සඳහන් කළා.
තම පක්ෂයේ සාමාජිකයන් සහ හිතවතුන්, කිසිදු ආත්මාර්ථකාමී අරමුණකින් තොරව පක්ෂයේ ක්‍රියාකාරකම් සඳහා උදව් කරන බව ටිල්වින් සිල්වා පෙන්වාදෙනවා.
ඇතැම් අවස්ථාවලදී පක්ෂයේ ගමන්බිමන් සඳහා ඉන්ධන ලබා ගැනීමට හෝ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට සාමාජිකයන් මුදල් හෝ ද්‍රව්‍ය ලබා දෙන බව ඔහු කියා සිටියා.
එමෙන්ම, වසන්ත සමරසිංහ වැනි නායකයන්ට මුදල් සහ දේපළ ලබා දුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ඔහු පැවසුවේ එම මුදල් ලබා දෙන්නේ පුද්ගලිකව ඔවුන්ට නොව, පක්ෂයේ ගමන්බිමන් සඳහා බවයි.
“ඒගොල්ලෝ සලකන්නේ වසන්තගේ පවුලට නෙවෙයි. පක්ෂයේ ගමනක් ගියාම සමහර වේලාවට එයාට තෙල් ගහන්න සල්ලි ටිකක් දෙනවා.” යනුවෙන් ඔහු පැහැදිලි කළා.
මෙම ක්‍රියාකාරකම් මානුෂීයත්වයේ සංස්කෘතියක් බවත්, ආත්මාර්ථකාමීව සියල්ල තනිව අත්පත් කරගැනීම මානුෂීයත්වයට පටහැනි බවත් ඔහු අවධාරණය කළා.
විපක්ෂය මෙම කරුණු ප්‍රශ්න කිරීම පිළිබඳව තමා කනගාටු වන බවද ටිල්වින් සිල්වා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:04
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25