hit counter

2025 සැප්‍තැම්‍බර් මස 29 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:07



අධිවේගී මාර්ග ඉදිකිරීම , රටේ ආර්ථික වර්ධනය සියයට හතකට ඉහළ නැංවීම, විරැකියාව සියයට දහයකට අඩු කිරීම, යුද්ධය අවසන් කිරීම හැර අන් සියල්ලෙන්ම රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල වන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මනම්පේරි යනු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකයෙක් බවත්, ඔහුගේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඔහු පක්ෂයේ 8,000ක අපේක්ෂක ලැයිස්තුවේ සිටි එක් අයෙක් පමණක් බවත් මනම්පේරි සැකපිට අත්අඩංගුවට ගත් විට, ඔහු පිටුපස රාජපක්ෂලා සිටින බවට තර්ක කරන්නේ නම්, එම තර්කය පාස්කු ප්‍රහාරයට අදාළව ද යෙදිය යුතු බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

8,000කින් එක් අයෙක් පෙන්වා මුළු ලංකාවේම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නේ රාජපක්ෂලා යැයි කියනවා නම්, එම තර්කය අනුව ජාතික ලයිස්තවේ 29කින් ඒක් අයෙක් සිටින නිසා පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ටිල්වින් සිල්වා සහ අනුර කුමාර දිසානායක බවට උපකල්පනය කළ නොහැක්කේ යයිදැයි ඔහු ප්‍රශ්න කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති චෝදනා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙම තර්කය නිවැරදි නම්, අනුර කුමාර දිසානායක මහතා පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගත යුතු බවයි.

පාස්කු ඉරිදා පල්ලියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පියා, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටින බවත්, ඔහු එම පක්ෂයට වියදම් කර ඇත්නම්, එයින් අදහස් වන්නේ පක්ෂයේ අය ඉබ්‍රහිම්ගේ සල්ලිවලින් ජීවත් වී ඇති බවයි. මෙයින් අදහස් වන්නේ ඔවුන් ත්‍රස්තවාදී මුදල්වලින් ජීවත් වී ඇති බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පුතුන් දෙදෙනා සියලු සැලසුම් කළ බවත්, ඔවුන්ගේ පියා ඒ සඳහා වියදම් කළ බවත් වත්මන් CID ප්‍රධානියාම කලිව් පවසන ලද බව ඔහු පෙන්වා දුන්නේය.

CID ප්‍රධානියා සහ තවත් රජයේ මන්ත්‍රීවරයෙක් අතර ඇති හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ එළි වී තිබියදී, මෙම තර්කය යොදාගෙන පාස්කු ප්‍රහාරයේ වගකීම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නොකරන්නේ ඇයිදැයි රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.

නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරන්නේ, රාජපක්ෂලාට පමණක් වෙනස් ආකාරයකට කතා කරන්නේ ඇයිද යන්නත්, දේශපාලන පක්ෂ සාමාජිකයෙකුගේ ක්‍රියාවලට එම පක්ෂය වගකිව යුතු නම්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණද වගකීම භාර ගත යුතු බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: