hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල්-සිසිගේ ප්‍රධානත්වයෙන් ගාසා සාම සමුළුව ඔක්තෝබර් 13 වන සඳුදා ශාම් එල්-ශෙයික් හිදී පැවැත්වෙන බව ඊජිප්තු ජනාධිපති කාර්යාලය නිවේදනය කළා.

රටවල් 20 ක පමණ රාජ්‍ය නායකයන් ඊට සහභාගී වීමට නියමිත බවයි ඊජිප්තුව පවසන්නේ.

බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර්, ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස්, ඉතාලි අගමැතිණි ජෝර්ජියා මෙලෝනි ආදී නායකයන් මෙසේ එම අවස්ථාවට සහභාගී වනවා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් ද එයට සහභාගී වන්නේ යැයි ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ද එහි පැමිණීමට නියමිතයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ද ආරාධනා ලැබී ඇතත් පුද්ගලිකව ඊට සහභාගී වීමට ඔහුට හැකියාවක් නොමැති බව ඔහු විසින් දන්වා එවා තිබෙනවා. ඒ වෙනුවට ඔහුගේ නියෝජිතයකු ඊට සහභාගී වනු ඇති.

හමාස් සංවිධානය ද මෙම සමුළුවට පැමිණෙන්නේ නැහැ. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පැමිණීම ද තහවුරු වී නැහැ.

ගාසා සාම වැඩපිළිවෙල ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන රැඳවියන් හුවමාරු කිරීමෙන් ඇරඹීමට නියමිතව තිබෙනවා. එය ද සඳුදා වනවිට සිදුවීමට නියමිතයි.