hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:38



ඉරානය විසින් පසුගියදා ජෝර්දානයේ ඇමරිකන් කඳවුරකට එල්ල කළ ප්‍රහාරයන්වලින් ඇමරිකානු ගුවන් යානා කිහිපයකට හානි සිදුව ඇතැයි වාර්තා වනවා.

ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබුණේ සැප්තැම්බර් 8-9 රාත්‍රියේ ජෝර්දානයේ මුවාෆක් සල්ති ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් A-10 වෝර්ට්හොග් වර්ගයේ යානයක තටුවකට හානි සිදුව ඇති බවයි. එමෙන්ම F-15 යානා අටකට පමණ හානි සිදුව ඇති නමුත් ඒවා නැවත සේවයේ යෙදවිය හැකි බව සඳහන් වනවා.

මේ අතර​, හානියට පත්වූ බවට සැක කෙරෙන ඇමරිකන් බ්ලැක් හෝක් හෙලිකොප්ටර් කිහිපයක් ප්‍රවාහනය කෙරෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

ඉරානය විසින් බැලිස්ටික් මිසයිල විස්සක් පමණ මෙම කඳවුර වෙත එම රාත්‍රියේ එල්ල කර තිබුණ බවයි දැනගන්නට ලැබෙන්නේ.