hit counter

2026 සැප්‍තැම්‍බර් මස 07 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53



ජර්මනියේ සැක්සනි-අන්හාල්ට් ප්‍රාන්තයේ මැතිවරණයේදී ජාතිකවාදී ජර්මනිය සඳහා විකල්පය (AfD) පක්ෂය ඓතිහාසික ජයග්‍රහණායක් ලබාගෙන තිබෙනවා.

මූලික ප්‍රතිඵල සමීක්ෂණ අනුව පෙනී යන්නේ AfD පක්ෂය සියයට 44.4 ක් ඡන්ද ලබාගනු ඇති බවයි. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව සියයට 18.4 ක් ඡන්ද ලබාගනු ඇතැයි අනුමාන වී ඇති අතර වාම පක්ෂය සියයට 9.3 ක් ඡන්ද ලබාගනු ඇතැයි පෙනීගොස් තිබෙනවා.

හරිත පක්ෂයට සියයට 8.7 ක්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට 8.4 ක් සහ සාරා වාගනෙක්ට් පෙරමුණ සියයට 5 ක් ලෙස ද ඡන්ද ලබාගනු ඇතැයි අනුමාන කෙරෙනවා.

ප්‍රාන්ත සභාවේ ආසන දිනාගැනීම සඳහා සියයට 5 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබාඅත යුතුයි. ඒ අනුව සාරා වාගනෙක්ට් පෙරමුණට ආසන ලැබේද නැද්ද යැයි සැක සහිතයි.

දැනට තිබෙන ප්‍රතිඵල අනුව AfD පක්ෂයට තනිව බහුතරය ලබාගත නොහැකි බවයි පෙනී යන්නේ. නමුත් ඔවුන් ඒ ආසන්නයටම පැමිණෙනු ඇති. එහෙයින් ඔවුන් නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නැති තත්ත්වයක් මතුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙතෙක් කල් කිසිදු පක්ෂයක් AfD සමග එකඟතාවයක් සඳහා පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රශ්නයක් විය හැකියි. සාරා වාගනෙක්ට් පෙරමුණ ඔවුන් සමග එකඟ වීමේ ඉඩක් තිබෙනවා. ඒ සඳහා එම පක්ෂය ප්‍රාන්ත සභාවට ඇතුල් විය යුතුයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව අන්ත ජාතිකවාදී පක්ෂයක් ජර්මන් ප්‍රාන්ත මැතිවරණයක් ජයගත් පළමු අවස්ථාව මෙයයි. එමෙන්ම මෙහිදී මැතිවරණයට පෙර සමීක්ෂණවලදී දිස් වූ ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් AfD පක්ෂය ලබාගැනීමත් විශේෂිතයි.