2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
චීනයේ රොබෝවරයෙක් උසේන් බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාවේ වේගයට වඩා වැඩි වේගයක් වාර්තා කරමින් මීටර් 100 ක් ධාවනය කිරීමට සමත්ව තිබෙනවා.
බීජිං නගරයේ පැවැත්වෙන දෙවැනි ලෝක හියුමනොයිඩ් රොබෝ ක්‍රීඩා උළෙලේදී ටියැන්චුවෝ (Tianzhuo) කණ්ඩායම නියෝජනය කළ රොබෝවෙක් තත්පර 9.39 කින් මීටර් 100 ධාවනය කළා.
බෝල්ට්ගේ ලෝක වාර්තාව වන්නේ තත්පර 9.58 ක්.
දෙවැනි ලෝක හියුමනොයිඩ් රොබෝ තරගාවලිය අගෝස්තු 22 සිට 26 දක්වා බීජිං නගරයේදී පැවැත්වෙනවා. එයට තරග ඉසව් 51 ක් ඇතුලත්. ඒ අතර ජවන සහ පිටිය තරග වගේම පාපන්දු, බොක්සිං, කඹ ඇදීම, බර ඉසිලීම, නැටුම්, වූෂු ආදී ක්‍රීඩා ද රෙදි නැවීම, පිරිසිදු කිරීම ආදී ගෘහාශ්‍රිත ක්‍රියාකාරකම්, හෝටල් කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම්, භාණ්ඩ ප්‍රවාහනය වැනි කටයුතු ආදී ඉසව් ද ඇතුලත් වනවා.
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24
2026 ජූලි 21, ප.ව. 8:10