hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18



තමිල් නාඩු මහ ඇමති තලපති විජේ 2029 දී අගමැති ලෙස පත්කිරීමේ සමාජ මාධ්‍ය ව්‍යාපෘතියක් ඔහුගේ ආධාරකරුවන් අතර ඇතිවී තිබෙනවා.

මීට ආසන්න වශයෙන් බලපෑ හේතුව ලෙස පෙනී යන්නේ මෑතකදී නිකුත් වූ India Today/C-Voter Mood of the Nation සමීක්ෂණයේ නවතම වාර්තාවයි.

එහිදී අගමැති ලෙස තමන් දකින්නට කැමති නායකයා කවරකුදැයි අසන ලද ප්‍රශ්නයට සියයට 49 ක් පමණ දෙනා නරේන්ද්‍ර මෝදි ද සියයට 27 ක් පමණ දෙනා රාහුල් ගාන්ධි ද තෝරාගනිද්දී සිය්‍යට 9 ක් පමණ පිරිසක් තලපති විජේගේ නම තෝරාගෙන තිබුණා.

මේ සමගම ඔහුගේ තමිලාග වෙට්රි කලගම් අනුගාමිකයන් සී. ජෝසෆ් විජේ 2029 යනාදී වශයෙන් දැක්වෙන පුවරු ප්‍රදර්ශනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් ඇරඹූ අතර ඇතැම් ප්‍රදේශයන් හි පෝස්ටර් ද අලවා තිබූ බව දැනගන්නට ලැබෙනවා.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය පිළිබඳ කොන්ග්‍රස් පක්ෂය ස්වකීය විරෝධය දක්වා තිබුණා. තලපති විජේ 2029 දී රාහුල් ගාන්ධිගේ අගමැති අපේක්ෂකත්වයට සහය නොදෙන්නේ නම් තමන් තමිල් නාඩු ආණ්ඩුවෙන් ඉවත්වන බව ද ඔවුන් ප්‍රකාශ කළාඅ.

තලපති විජේගේ ආණ් ඩුවේ කොන් ග්‍රස් පක් ෂයට ඇමති ධුර දෙකක් හිමිව තිබෙනවා.

ඉන් දියාවේ ප්‍රධාන විපක්ෂය වන්නේ කොන්ග්‍රස් පක්ෂයයි. එය 2024 දී තවත් පක්ෂ ගණනාවක් සමග නම් සන්ධානයක් පිහිටුවාගත් නමුත් ඔවුනට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුණා. එම සන්ධානයේ ඇතැම් පක්ෂ මේ වනවිට බෙදී විසිරගොස් තිබෙනවා. මේ අතර​, නවතම දේශපාල්න පක්ෂයක් ගොඩනගාගත් විජේ 2026 තමිල් නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය ජයගෙන සභාග ආණ් ඩුවක් පිහිටවූවා.