2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 10:22
රුසියාවේ රස්නෙෆ්ට් සහ ලුක් ඔයිල් තෙල් සමාගම්වලට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.
මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව ඇමරිකාව විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවූ පළමු අවස්ථාවයි.
මෙම සම්බාධක හේතුවෙන් එම රුසියානු සමාගම් කඩාවැටෙනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් බලාපොරොත්තු තබා තිබෙනවා.
එම සමාගම්වලට ජාත්‍යන්තර ගනුදෙනු සඳහා සීමා පැනවෙනු ඇති අතර ඒවා සමග ගනුදෙනු කරන පාර්ශවවලට ද ද්විතීයික සම්බාධක පැනවීම කෙරෙහි ඇමරිකාවේ අවධානය යොමුව තිබෙනවා.
ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් කියා සිටියේ රුසියාව යුක්‍රේන යුද්ධයේ සටන් විරාමයක් සඳහා සූදානම් බවක් නොපෙනෙන හෙයින් මෙම පියවර ගත් බවයි.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්‍තෝබර් 10, ප.ව. 7:29