hit counter

2025 දෙසැම්‍බර් මස 17 වන බදාදා

2025 ඔක්‍තෝබර් 25, ප.ව. 4:24



කැරිබියානු මුහුදු ප්‍රදේශයට ගුවන් යානා ගෙන යන නෞකාවක් වන USS ජෙරාල්ඩ් ෆෝර්ඩ් නෞකාව යවන බව ඇමරිකාව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව වෙනෙසුවේලා මුහුදු සීමාව ආසන්නයේ ඇමරිකානු යුධ ශක්තිය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නංවා තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඔවුන් වෙනෙසුවේලාවේ ගොඩබිම තිබෙන මත් ජාවාරම් කල්ලිවල ඉලක්කයන් වෙත ද පහර දීම පිළිබඳ සලකා බලන බවයි.

ඇමරිකානු හමුදා වෙනෙසුවේලා මුහුදු සීමාවට ඔබ්බෙන් රැඳී සිටින්නේ වෙනෙසුවේලාවේ රෙජීම් වෙනසක් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමටදැ යි සැකයක් මතුව තිබෙනවා.

වෙනෙසුවේලාවේ අභ්‍යන්තරයෙහි රහසිගත මෙහෙයුම් සඳහා සංවිධානයට අවසර දුන් බව මෑතකදී ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කියා සිටියා.