2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 11:17
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය, ඩුබායි රාජ්‍යයේ සිට රුපියල් ලක්ෂ 15ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට විමර්ශන අංශ විසින් මේ වන විට තහවුරු කරගෙන තිබේ.
ඝාතනයට පෙරම මෙම සම්පූර්ණ මුදල අත්පිට මුදලින් වෙඩික්කරු වෙත ගෙවා ඇති බවද අනාවරණය වී ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු, ඊයේ (26) සවස මහරගම, නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමග, අපරාධය සම්බන්ධ සියලු තොරතුරු එකින් එක විමර්ශන කණ්ඩායම් වෙත හෙළිවෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඝාතන කොන්ත්‍රාත්තුව, පාතාල සාමාජිකයින් වන “මිදිගම රුවන්” සහ “මිදිගම චූටි” ගේ සමීපතමයෙකු විසින් වෙඩික්කරුට ලබා දී ඇති අතර, ඔවුන්ගේ සහචරයෙකු විසින් අදාළ ලක්ෂ 15ක මුදල ඝාතනයට පෙරම වෙඩික්කරු අතට පත් කර තිබේ.
ඝාතනයෙන් පසු කැකිරාව ප්‍රදේශයේ සැඟවී සිටි වෙඩික්කරු, ඊයේ (26) දින කොළඹට පැමිණ, පිටකොටුව, බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශවල පැය ගණනක් පුරා ‘අයිස්’ මත්ද්‍රව්‍ය සොයා සැරිසරා ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.
මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වීමෙන් පසු, දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර බලා යාමට ඔහු සැලසුම් කර තිබුණද, ඩුබායි සිට ඔහුව මෙහෙයවූ කොන්ත්‍රාත්කරුගේ නියෝගයක් මත එම සැලැස්ම වෙනස් කර තිබේ.
ඒ අනුව, කොට්ටාවේ සිට මහරගමට පැමිණි ඔහු, ඩුබායි සිට ලැබුණු උපදෙස් පරිදි, ඝාතනය සඳහා භාවිතා කළ දුරකථනය වෙනුවට නව දුරකතනයක් මිලදී ගැනීමට නාවින්න ප්‍රදේශයේ අලෙවිසැලකට ගොස් ඇත. එම අවස්ථාවේදී, රාජකාරි නිමවා බස් රථයකින් යමින් සිටි සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරියෙකු විසින් සැකකරු හඳුනාගෙන තිබේ.
නිලධාරියා බසයෙන් බැස තමන් පසුපස එන බව දුටු වෙඩික්කරු පලා යාමට උත්සාහ කර ඇත. දුරකතන සොරෙකු පලා යන්නේ යැයි සිතූ අවට සිටි මහජනතාව ද බුද්ධි අංශ නිලධාරියා සමග එක්ව සැකකරු පසුපස හඹා ගොස් ඔහුව කොටුකර ගැනීමට සමත් වී තිබේ.
ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලබා ඇති මෙම වෙඩික්කරු, හමුදා සේවයේ නිරත වූවෙකු නොවන බවටද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනයෙන් පසු වෙඩික්කරු සහ යතුරුපැදිකරු එක්ව පලා ගියද, අතරමගදී වෙඩික්කරු සිය බිරිඳ ද සමග වෙනත් යතුරුපැදියක නැගී වැල්ලවාය, මහියංගනය හරහා කැකිරාවට ගොස් ඇති බව CCTV දර්ශන ඔස්සේ තහවුරු වී තිබේ. කොන්ත්‍රාත්තුව ලෙස ලැබුණු රුපියල් ලක්ෂ 15න්, ලක්ෂ 12ක මුදලක් වෙඩික්කරුගේ බිරිඳ සතුව තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.
පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවය සහ අපරාධ විමර්ශන කොට්ඨාස කිහිපයක ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙම විමර්ශනය ක්‍රියාත්මක විය.
අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:43
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:38
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:33
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:09
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 1:30
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25