2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:04
පවතින ක්‍රමය වෙනස් කර, යුක්තිය සහ සාධාරණත්වය රජයන යුගයක් නිර්මාණය කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි වත්මන් රජය යටතේ, රට තුළ මිනීමරු සංස්කෘතියක් ප්‍රචලිත වී ඝාතන රැල්ලක් වර්ධනය වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මට්ටක්කුලිය, සම්මන්ත්‍රණපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
තර්ජනය සහ ගර්ජනය උපයෝගී කරගනිමින් රාජ්‍ය කේන්ද්‍ර කරගත් ඒකාධිපති පාලනයක් නිර්මාණය කර, ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම යටපත් කිරීමට වත්මන් රජය උත්සාහ දරමින් සිටින බවද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය.
මෑතකදී ඝාතනයට ලක්වූ වැලිගම සමගි ජන බලවේගයේ සභාපතිවරයාට ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නද, ඔහුට කිසිදු ආරක්ෂාවක් ලබා නොදීම හේතුවෙන් අවසානයේ ඝාතකයන්ගේ ගොදුරක් බවට පත්වූ බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම, ජගත් විතාන මහතාට එල්ල වූ ජීවිත තර්ජනය පවා හෙළිදරව් වූයේ පොලිසිය මගින් නොව, ඔහු විසින්ම එය අනාවරණය කිරීම නිසා බවද විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.
වැලිගම සහ මතුගම සිදුවීම් දෙකෙහිම සමානකම් පවතින බවත්, එම ස්ථාන දෙකේම සභාපතිකම් ලබා ගැනීමට රජය දැරූ උත්සාහය ව්‍යර්ථ වූ පසුබිමක මෙම ඝාතන සිදුවීම බරපතළ සැකයකට තුඩු දෙන බවත් ඔහු පැවසීය.
රට තුළ වර්ධනය වන මෙම ඝාතන රැල්ලට ප්‍රධාන හේතුව, නීතිය හා සාමය ස්ථාපිත කිරීමට රජයට ඇති නොහැකියාව බවද ඔහු අවධාරණය කළේය.
විපක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ, සභාපතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ සම්පූර්ණ වගකීම රජය සතු බවත්, ඒ පිළිබඳව කථානායකවරයා දැනුවත් කළද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
විපක්ෂයේ කිසිදු සාමාජිකයෙකුට හානියක් සිදුවුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවත්, එබැවින් බොරු පොරොන්දු පසෙකලා රටේ නීතිය හා සාමය වහාම ස්ථාපිත කරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:18
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:08
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25