2025 නොවැම්බර් 11, පෙ.ව. 12:04
2025 වර්ෂය අවසන් වීමට පෙර, “Learn with Ranil” (රනිල් සමඟ ඉගෙන ගනිමු) නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස අද (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මෙම වැඩසටහන හරහා, රනිල් වික්‍රමසිංහ වැනි උගත් සහ පරිණත නායකයෙකුගෙන් රටේ තරුණ පරපුරට දේශපාලනය පිළිබඳව සෘජුවම ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙන බවද හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
වසරක දේශපාලන විරාමයකින් පසු නැවත සක්‍රීය දේශපාලනයට පිවිසෙන බව සඳහන් කළ ඔහු, එක්සත් ජාතික පක්ෂය යනු රටට විශාලතම වැඩ කොටසක් කළ, අර්බුදකාරී අවස්ථාවලදී පක්ෂ පාට භේදයකින් තොරව රටේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රේෂ්ඨ පක්ෂයක් බවද සිහිපත් කළේය.
“ලංකා ඉතිහාසයේ, මම හිතන්නේ, විශාලම වැඩ කොටසක් කරපු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ, අද අලුත් වැඩසටහනක්, අලුත් නිර්මාණයක් සඳහා අපේ පක්ෂ නායකතුමා විසින් මට භාරදුන් වගකීම භාර ගැනීමට මම අද දවසේදී බලාපොරොත්තු වුණා. භාරගත්තා. ඒ වගේම මුලින්ම කියන්න ඕන, හරියටම අවුරුද්දක්. දේශපාලනයෙන් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉඳලා, නොවැම්බර් 10 ඡන්දේ ඉල්ලලා, මට තාම මතකයි. ’10 messy’ ටී-ෂර්ට් එක තමයි ප්‍රශ්නේ වුණේ ඒ කාලේ. එදායින් පස්සේ අද තමයි ආයෙත් දේශපාලනය නැවත වතාවක් ආරම්භ කරන්නේ. අවුරුද්දක් හරියටම හිතුවා දේශපාලකයින් වශයෙන් මොනවාද අපි කළ යුත්තේ කියන එක. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය කියන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂය මේ රටට මොනවාද කරලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂයේ තියෙන වටිනාකම මොකක්ද? එදා නිදහස ලබාදීමට ආරම්භ කරපු එක්සත් ජාතික පක්ෂයට අද තවත් කර්තව්‍යයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය හැම මොහොතකදීම, මේ රටේ ප්‍රශ්නයක්, අර්බුදයක් ආපු වෙලාවේ, පක්ෂ පාට බලන්නේ නැතුව සියලු දෙනා එකතු කරගෙන ඒ රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරපු ශ්‍රේෂ්ඨ පක්ෂයක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටට කරන්න ඕන සේවය කරලා ඉවරයි. දැන් අපේ කොටස තමයි අපි කරන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ මොකක්ද, එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය මොකක්ද, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එකත් එක්ක රටට අලුත් වැඩපිළිවෙළක් කරන්න.
එන මාසේ එක දවසක් අපි පටන් ගන්නවා, අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා, ‘Learn with Ranil’ කියලා වැඩසටහනක්. ‘රනිල් මහත්තයාගෙන් ඉගෙන ගමු’ කියලා පැය දෙකක වැඩසටහනක්. අපි තරුණයෝ කැඳවලා, එයාලට ඔන්ලයින් ලියාපදිංචි වෙන්න පුළුවන්. එයාලට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට පස්සේ, සති දෙකකට සැරයක්, ලංකාවේ හැම මාසෙකම, රනිල් වික්‍රමසිංහ කියන උගත්, පරිණත නායකයාගෙන් රටේ තරුණ පරපුරට දේශපාලනය ඉගෙන ගන්නත්, ඒක ඔන්ලයින් හැමෝටම බලන්න පුළුවන් වෙන විදිහටත් අපි හදනවා.”
2025 නොවැම්බර් 11, ප.ව. 4:25
2025 නොවැම්බර් 11, පෙ.ව. 11:51
2025 නොවැම්බර් 11, පෙ.ව. 9:01
2025 නොවැම්බර් 11, පෙ.ව. 8:48
2025 නොවැම්බර් 11, පෙ.ව. 12:27
11-11-25
11-11-25
11-11-25
11-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
09-11-25
09-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
06-11-25
06-11-25
06-11-25
06-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25