2025 නොවැම්‍බර් 13, පෙ.ව. 12:00
දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු විය හැකි බවත් උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එහි වැඩිදුරටත් සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2025 නොවැම්‍බර් 14, ප.ව. 4:05
2025 නොවැම්‍බර් 14, පෙ.ව. 9:36
2025 නොවැම්‍බර් 14, පෙ.ව. 12:15
2025 නොවැම්‍බර් 14, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 14, පෙ.ව. 12:11
14-11-25
14-11-25
12-11-25
12-11-25
10-11-25
10-11-25
09-11-25
09-11-25
08-11-25
08-11-25
07-11-25
07-11-25
06-11-25
06-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
01-11-25
01-11-25