2025 නොවැම්‍බර් 13, ප.ව. 11:35
රුසියාවට එරෙහිව පැනවිය හැකි සෑම සම්බාධකයක් ම පාහේ පනවා ඇති බවත් තවත් පැනවිය හැකි සම්බාධකයන් මොනවාදැයි තමන්ට සිතාගත නොහැකි බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසනවා.
ඔහු පවසා සිටියේ රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට එරෙහිව සම්බාධක පනවන ලෙස කලක් තිස්සේ මතුවූ ඉල්ලීම ද ඇමරිකාව නොබෝදා ඉටු කළ බවයි. එම සම්බාධකවල ප්‍රතිඵල ලැබීමට තව මාස කිහිපයක් ගතවේ යැයි ද ඔහු පෙන්වා දුන්නා.
මේ අතර යුක්‍රේනයට ගුවන් ආරක්ෂණ පද්ධති ලබාදීම පිළිබඳව ද ඔහු අදහස් දැක්වූවා. රූබියෝ පැවසූයේ යුක්‍රේනයට ලබාදෙන ආරක්ෂණ පද්ධති සතියකදී දෙකකදී ප්‍රහාරයන්ට ලක්වන බවයි. පසුගිය වසර දෙක තුනේදීම එම තත්ත්වය පැවති බවයි ඔහු කියා සිටියේ.
ඇමරිකාව මේ වනවිට යුක්‍රේනයට යුධ ආධාර ලබාදෙන්නේ නැහැ. ඇමරිකානු අවි යුක්‍රේනයට ලැබීමට නම් යුරෝපා රටවල් ඒවා ඇමරිකාවෙන් මිලදී ගෙන යුක්‍රේනයට ලබා දිය යුතුව තිබෙනවා.
2025 නොවැම්‍බර් 11, ප.ව. 5:08
2025 නොවැම්‍බර් 11, ප.ව. 4:56
2025 නොවැම්‍බර් 10, ප.ව. 10:59
2025 නොවැම්‍බර් 05, පෙ.ව. 8:49
2025 නොවැම්‍බර් 03, ප.ව. 12:59