2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:08
බසයේ කෝච්චියේ බයිසිකලයේ ගොස් දේශපාලනය කරන බවක් හෝ ජනතාවට නොමැති කිසිම දෙයක් තමන්ට එපා යැයි හෝ තමන් කිසිදා ප්‍රකාශ කොට නොමැති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
ඔහු අභියෝග කර සිටින්නේ එවැනි කිසිදු සඳහනක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්නම් පෙන්වන ලෙසයි.
බසයේ කෝච්චියේ ගොස් දේශපාලනය කළ හැකි රටක් පසුගිය 76 වසරක් තිස්සේ රට පාලනය කළ පාලකයන් ගොඩනගා නොමැති බවද ඇමතිවරයා පෙන්වාදෙයි.
වෙලාවට දුම්රිය සහ බස් ගමන් කරන රටක් ගොඩනඟා තිබිණි නම් තමන්ට පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් දේශපාලන කටයුතු කරගත හැකිව තිබූ බව ද මහින්ද ජයසිංහ ප්‍රකාශ කරයි.
රජය සතු වාහන ඉතාම පැරණි අබලන් වාහන බවත් ඒවා නිරතුරුව විවිධ දෝෂ නිසා අලුත්වැඩියා කිරීමට සිදුව ඇති බව ද අලුතින් වාහන ලබා ගන්නේ ඒ නිසා බව ද ඔහු සඳහන් කරයි.
ස්වාධීන රූපවාහිනි තුලාව වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ එජාපයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:08
15-11-25
15-11-25
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25