2025 නොවැම්‍බර් 15, පෙ.ව. 11:03
කාශ්මීරයේ ශ්‍රී නගර් දිස්ත්‍රික්කයේ නව්ගාම් පොලිස් ස්ථානයේ ඊයේ රාත්‍රියේ සිදුවූ පිපිරීමකින් 9 දෙනකු මියගොස් 29 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වුණා.
මෙම පිපිරීම සිදුව ඇත්තේ රාත්‍රී 11.22 ටයි. එහිදී අසළ නවතා තිබූ වාහන කිහිපයක් ද විනාශ වී තිබෙනවා.
නොබෝදා ෆරීදාබාද් සහ තවත් ස්ථානවලින් ජයිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන පිරිසක් සහ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 353 ක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලිසිය සමත් වුණා. එම පුපුරන ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් නව්ගාම් පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබුණා. ඒවා පරික්ෂා කරන අවස්ථාවක පිපිරීම සිදුවූ බවයි වාර්තා වන්නේ.
මෙම ත්‍රස්ත කල්ලිය අල්ලාගැනීම සඳහා පරීක්ෂණ මෙහෙයවූ එක් ස්ථානයක් වන්නේ නව්ගාම් පොලිස් ස්ථානයයි.
පසුගියදා දිල්ලියේ රතු බලකොටුව අසළ වාහනයක සිදුවූ පීරීමට ද වගකිව යුතු වූයේ මෙම කල්ලියේම සාමාජිකයකු බව හෙළිවී තිබෙනවා.
මෙම කල්ලිය ඉන්දියාවේ ස්ථාන හයක ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43