2025 නොවැම්‍බර් 16, ප.ව. 8:58
ඉක්වදෝරයේ අද පැවැත්වෙන ජනමත විචාරණය එරට ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් විය හැකි බව දේශපාලක විචාරකයන් සහ ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.. මෙහිදී එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙනස්කම් කිහිපයක් යෝජනා වී තිබෙනවා.
මෙම වෙනස්කම් වන්නේ විදේශීය හමුදා කඳවුරු සඳහා අවස්ථාව ලබාදීම, ඉක්වදෝර් කොන්ග්‍රස් සභාවේ මන්ත්‍රීන් සංඛ්‍යාව අඩු කිරීම, දේශපාලන පක්ෂ සඳහා මහජන මුදල් ලබාදීම අහෝසි කිරීම සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවක් කැඳවීම යන යෝජනා මේ අතර වනවා.
ජනාධිපති ඩැනියෙල් නොබොආ විසින් කැඳවන ලද මෙම ජනමත විචාරණයෙහි යෝජනා සම්මත වුවහොත් ඇමරිකානු හමුදාවන්ට නැවත ඉක්වදෝරයට පැමිණීමේ අවකාශය ලැබෙනු ඇති.
ජනාධිපති රෆායෙල් කොරෙයා විසින් 2008 දී සම්මත කරගත් දැන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉක්වදෝරයේ විදේශීය කඳවුරු පිහිටුවීම තහනම් කෙරුණා. ඒ අනුව එකල එහි වූ ඇමරිකානු කඳවුරු 2009 දී ඉවත් කරගනු ලැබුණා.
ජනමත විචාරණයෙහි යෝජනා සම්මත වුවහොත් මන්ටා සහ සැලිනාස් හි ඇමරිකන් කඳවුරු නැවත ස්ථාපිත කිරීමේ ඉඩක් පවතිනවා. දැනට ඒවා ඉක්වදෝර් හමුදා විසින් භාවිතා කෙරෙනවා. මේ අතර අතීතයේදී ගලපගෝස් දූපත් හි තිබූ ඇමරිකානු කඳවුර නැවත ස්ථාපිත කෙරෙනු ඇතිදැ යි අවිනිශ්චිතයි. දැනට ජනාධිපති නොබොආ පවසා ඇත්තේ එහි ඇමරිකන් හමුදා නොරඳනු ඇති බවයි.
පසුගිය සතියේ ඇමරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් ඉක්වදෝරයේ සංචාරය කරමින් හමුදා කඳවුරු ද නිරීක්ෂණය කළා. එයින් හැඟවුණේ ඇමරිකානුවන් නැවත ඉක්වදෝර් වෙත හමුදා එවීමට සැරසෙන බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය දක්වන්නකු වන නොබොආ තම රටේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩීමට ඇමරිකානු සහය අපේක්ෂා කරනවා. ඔහු පවසා සිටින්නේ ඇමරිකන් හමුදා පැමිණෙන්නේ එම කටයුත්ත සඳහා බවයි.
මේ අතර දේශපාලන පක්ෂවලට මහජන මුදල් කපා හැරීම ධනවත් පක් ෂවලට වාසි සලසන පියවරක් බව චෝදනා නැගෙනවා. කොන්ග්‍රස් මණ්ඩලයේ මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමෙන් ද කුඩා පක්ෂ සහ ස්වදේශික කණ්ඩායම් සඳහා ඇති නියෝජනය අඩු වනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.
මේ අතර 2008 ව්‍යවස්ථාව වෙනස් කිරීම තුළින් රටේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඇති නීති ද කප්පාදු වනු ඇතැයි බියක් මතුව තිබෙනවා. ඉක්වදෝරයේ රක්ෂිත වනාන්තරවල තෙල් ළිං කැණීම ආදිය තහනම් වන අතර ජලය යනාදී ස්වභාවික සම්පත් පුද්ගලීකරණය සඳහා අලුත් ව්‍යවස්ථාවක් මගින් ප්‍රතිපාදන සැකසෙනු ඇති බවට ද සැකයක් මතුව තිබෙනවා.
ඉක්වදෝරයේ ධනවත්ම පුද්ගලයාගේ පුත්‍රයා වන ඩැනියෙල් නොබොආ එරට නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ කරා විවෘත කිරීමට සැරසෙන බවයි පෙනී යන්නේ.
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 11:03
2025 නොවැම්‍බර් 13, ප.ව. 11:35
2025 නොවැම්‍බර් 11, ප.ව. 5:08
2025 නොවැම්‍බර් 11, ප.ව. 4:56
2025 නොවැම්‍බර් 10, ප.ව. 10:59