2025 නොවැම්‍බර් 17, ප.ව. 1:10
වෙනෙසුවේලාවේ නිකුලස් මදුරෝ පාඅනය සමග සාකච්ඡා කිරීමට ඉඩ තිබෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
ඔහු මේ අදහස් පළ කළේ ෆ්ලොරීඩාවේ සිට වොෂිංටන් ඩී.සී. වෙත පිටත්වීමට පෙර මාධ්‍ය සමග අදහස් දක්වමින්.
පසුගිය දිනෙක යුධ ලේකම් පීට් හෙග්සෙත් සහ ඇමරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා ට්‍රම්ප් හමුවී වෙනෙසුවේලාව පිළිබඳ ගතහැකි පියවර සාකච්ඡා කළා. ට්‍රම්ප් ඉන්පසු සඳහන් කර තිබුණේ තමන් වෙනෙසුවේලාව පිළිබඳ අවසන් තීරණයකට පැමිණ ඇති බවයි. නමුත් එම තීරණය කවරක්දැ යි ඔහු ප්‍රකාශ කළේ නැහැ.
මදුරෝ පාලනය මත්‍ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි පවසමින් ට්‍රම්ප් එම පාලනයට සති කිහිපයක් තිස්සේ තර්ජනය කරමින් සිටිනවා. මේ වනවිට වෙනෙසුවේලා මුහුදු සීමාවෙන් ඔබ්බෙහි ඇමරිකානු නාවික යාත්‍රා කිහිපයක් රැඳී සිටින අතර මත්‍ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බෝට්ටු යැයි පැවසෙන යාත්‍රා කිහිපයකටම පසුගිය සමයේ ඇමරිකානු ප්‍රහාර එල්ල වුණා.
එමෙන්ම ඇමරිකාවේ විශාලම ගුවන් යානා ගෙනයන නෞකාව වන USS ජෙරාල්ඩ් ෆෝර්ඩ් නෞකාව නොබෝදා වෙනෙසුවේලා මුහුදු සීමාව අසළට පැමිණියා.
කෙසේ වෙතත් ඇමරිකානු හමුදා ඍජුව වෙනෙසුවේලාවට යැවීමට ට්‍රම්ප් තවමත් අදිමදි කරනවා. එම හමුදා දීර්ඝ ගටුමක සිරවනු ඇතැයි යන අවදානම ඊට හේතුවයි.
2025 නොවැම්‍බර් 17, ප.ව. 5:31
2025 නොවැම්‍බර් 17, ප.ව. 2:41
2025 නොවැම්‍බර් 17, ප.ව. 2:39
2025 නොවැම්‍බර් 16, ප.ව. 8:58
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 11:03