hit counter

2025 නොවැම්‍බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 23, පෙ.ව. 12:11



සීනි කතාව වැනි පුංචි කතාවකට ලඝු කර තම ආණ්ඩුවේ කර්මාන්ත පුනරුදය කිසිවෙකුට නවත්වන්න ඉඩ නොතබන බව ව්‍යවසාය සහ කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

නුගේගොඩ පිහිටුවන ලද සීනි අලවිසලෙන් දින අටක් ඉක්ම වෙද්දී විකිණුම් ප්‍රමාණය රුපියල් ලක්ෂ අටයි ඉක්මවා ඇතැයි ද හෙතෙම අනාවරණය කරයි. සාමාන්‍ය වෙළඳපළේ අවස්ථාව නැති වූ විට කෙසේ හෝ වෙළෙඳපොළ ජයගැනීම සඳහා උත්සාහ කරන බවද ඒ මහතා පැවසීය.

“කර්මාන්තකරණයට හෝ ව්‍යවසායකත්වයට සුදුසු කිසිම තර්කයක් ඉදිරිපත් කරගන්නට විපක්ෂය අසමත් වුණා. බිඳ වට්ටවා තිබූ කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවන්නට අපට හැම පැත්තෙන්ම දැවැන්ත සහයක් ලැබුණා. අප මේ ජයග්‍රහණ ලබා ගත්තේ කණ්ඩායමක් විදියටයි. පැවැති ආර්ථිකය සමඟ ඉදිරියට ඉදිරියට යන්නේ කෙසේදැයි කර්මාන්ත කරුවා සිටියේ දැඩි චකිතයකින්.

ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය කරන ධෛර්යය ශක්තිය තිබුණේ නැහැ. ණය ගෙවා ගන්න බැරුව ව්‍යාපාර බැංකුවලට සින්න වෙන්න ගිය ව්‍යවසායකයන් 16000ක් හිටියා. 2025 වැඩ පිළිවෙළේ
ප්‍රධාන කාරණය වුණේ කර්මාන්ත කරුවාට, ව්‍යවසායතයාට විශ්වාසයක් ලබා දීමයි. ඇමරිකා බද්ද හමුවේ විවිධ කතා කියද්දීත් අපනයන ක්ෂේත්‍රයේ ජයග්‍රහණය කරා මෙහෙය වන්නට අපට හැකියාව ලැබුණා.

ඒ අනුව සියයට 7ක අපනයන වර්ධනයක් ළඟා කරගෙන තිබෙනවා. නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනය 9.7ක්. බැංකුවට සින්න වන ණය ප්‍රමාණය සියයට විස්සකින් අඩුවෙලා. මේ වන විට ලංකාවේ කර්මාන්තකරණයට වඩා සුදුසු භූමියක් හැදී තිබෙන බව කිව යුතුයි.”

කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: