hit counter

2025 දෙසැම්‍බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 10, ප.ව. 11:47



තායිලන්තය සහ කාම්බෝජය අතර ඇතිව තිබෙන දේශසීමා ගැටුම් තවත් දරුණු අතට හැරී තිබෙනවා.

දෙපාර්ශවයේම හමුදා දේශසීමාව කරා ගමන් කරමින් තිබෙන අතර දෙපාර්ශවය වෙත මල්ටි බැරල් රොකට් ප්‍රහාර​, කාලතුවක්කු ප්‍රහාර සහ ඩ්‍රෝන ප්‍රහාර ද වාර්තා වනවා.

මේ අතර තායි හමුදා කාම්බෝජ දේශසීමාවේ ස්ථාන කිහිපයකින් ඇතුල් වී ඇතැයි ද වාර්තා වුණා. ඔවුන් ඉදිරියට යන බවක් නම් දිස් ව තිබුණේ නැහැ.

ප්‍රියා විහාර් නම් පැරණි හින්දු දෙවොලක් පිහිටි ස්ථානයෙහි අයිතිය පිළිබඳව දෙපාර්ශවය ජූලි මාසයේදී ද සටන් වැදුණා. මැලේසියාවේ සහ ඇමරිකාවේ මැදිහත් වීමෙන් එම සටන් නැවතුණ අතර ඔක්තෝබරයේදී අනාගත එකඟතා පිළිබඳ සැලසුම් රාමුවකට ද දෙපාර්ශවය එකඟ වුණා. නමුත් දින කිහිපයකට පෙර සිට දෙපාර්ශවය අතර ගැටුම් නැවත මතුව තිබෙනවා.