2025 දෙසැම්‍බර් 10, ප.ව. 11:47
තායිලන්තය සහ කාම්බෝජය අතර ඇතිව තිබෙන දේශසීමා ගැටුම් තවත් දරුණු අතට හැරී තිබෙනවා.
දෙපාර්ශවයේම හමුදා දේශසීමාව කරා ගමන් කරමින් තිබෙන අතර දෙපාර්ශවය වෙත මල්ටි බැරල් රොකට් ප්‍රහාර, කාලතුවක්කු ප්‍රහාර සහ ඩ්‍රෝන ප්‍රහාර ද වාර්තා වනවා.
මේ අතර තායි හමුදා කාම්බෝජ දේශසීමාවේ ස්ථාන කිහිපයකින් ඇතුල් වී ඇතැයි ද වාර්තා වුණා. ඔවුන් ඉදිරියට යන බවක් නම් දිස් ව තිබුණේ නැහැ.
ප්‍රියා විහාර් නම් පැරණි හින්දු දෙවොලක් පිහිටි ස්ථානයෙහි අයිතිය පිළිබඳව දෙපාර්ශවය ජූලි මාසයේදී ද සටන් වැදුණා. මැලේසියාවේ සහ ඇමරිකාවේ මැදිහත් වීමෙන් එම සටන් නැවතුණ අතර ඔක්තෝබරයේදී අනාගත එකඟතා පිළිබඳ සැලසුම් රාමුවකට ද දෙපාර්ශවය එකඟ වුණා. නමුත් දින කිහිපයකට පෙර සිට දෙපාර්ශවය අතර ගැටුම් නැවත මතුව තිබෙනවා.
2026 ජනවාරි 14, පෙ.ව. 11:02
2026 ජනවාරි 14, පෙ.ව. 10:52
2026 ජනවාරි 13, ප.ව. 6:37
2026 ජනවාරි 13, පෙ.ව. 8:01
2026 ජනවාරි 13, පෙ.ව. 7:48