2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 10:20
කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ රෝද පද්ධතිය කාර්මික දෝශයකට ලක් වීම නිසා යළි ආපසු ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම යානයෙහි ගුවන් නියමුවා සමත් වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා 12/17 දින අලුයම පැවසීය.
තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ.- 733 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් මගීන් 202 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු රැගෙන 12/16 දින රාත්‍රී 10.00 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.
එම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ.- 330 එයාර් බස් වර්ගයේ විශාලතම මගී ගුවන් යානයකි.
මෙම ගුවන් යානය පිටත්වී සුළු වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදු නොවන බව ගුවන් නියමුවාට දැන ගැනීමට හැකි වී තිබුණි.
ඒ අනුව හලාවත මුහුදු ප්‍රදේශය වෙත ගුවන් යානය රැගෙන ගොස් අඩි 4,000 ක පමණ උසකින් නොට්ස් 140 ක පමණ වේගයකින් පියාසර කරමින් , ගුවන් යානයෙහි වූ ඉන්ධන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රමාණය ඉතිරි කර ගනිමින් , ඉතිරි සියල්ල මුහුදට ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.
මේ සදහා පැය දෙකකට අධික කාළයක් මෙම ගුවන් නියමුවා විසින් ගත කර තිබුණි.
පසුව 12/17 දින අලුයම 12.27 ට මෙම ගුවන් යානය ආරක්ෂිත කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට මෙම ගුවන් යානයෙහි නියමුවා සමත් වී තිබුණි.
එහෙත් මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ ගිලන් රථ , ගිනි නිවීම් රථ , වෛද්‍ය කාර්යය මණ්ඩල , ගලවා ගැනීමේ භටයන් මෙන්ම මීගමුව කළපුව තුළ ද විශේෂ බෝට්ටු සහ ගලවා ගැනීමේ භටයන් ස්ථාපිත කර තිබුණි.
මෙම ගුවන් යානයෙහි වූ මගීන් මෙම යානය තුළින් ආරක්ෂිතව ඉවත් කර ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කරමින් පවතින අතර ගුවන් යානය අලුත්වැඩියා කටයුතු සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:12
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 9:34
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 9:09
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:35
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:29
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25