hit counter

2025 දෙසැම්‍බර් මස 21 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:20



මේ රටේ නිසි අධ්‍යාපනයක් තිබුණානම් කඳු මේ විදිහට ගැලවෙන්න විදිහක් නැතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. පරිසරය ගැන හැඟීමක් කන්දක් ගැන හැඟීමක් ඇලක් දොළක් වැවක් ගැන හැඟීමක් නොතිබුණු බවත් ඒවා අපේ අතින් විනාශ වී ඇති බවත් ඒ මහතා කියා සිටී.

ලංකා ඉතිහාසයේ කිසි දිනක ආපදාවට පත් වූ අයකුට ලක්ෂ පනහක මුදලක් එම පුද්ගලයාට ඉඩමක් ගැනීමටද ලක්ෂ පනහක් ලබාදී නැති බවද ඇමතිවරයා පැවසීය.

රටේ ජනතාව ගැන හිතන ගොවි පරම්පරාව ගැන හිතන ජනාධිපතිවරයෙක් අද ඇවිත් තිබෙන නිසා එම ආපදාවට පත්ව පුද්ගලයකුට කෝටියක් ලැබී ඇති බවද කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: