hit counter

2025 දෙසැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:06



කංසා වගා කිරිම වැටලිමේදි පොලිස් නිලධාරින් විසින් වැඩකරමින් සිටි සේවකයින්ගෙන් මෙම ඉඩම කාගේ දැයි විමසු විට එය ශාන්ත මහතාගේ බවට පිලිතුරු දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසනවා.

ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාගේ බිරිඳගේ පියාට අයත් බව පැවසෙන ඉඩමක තිබු කංසා පැල සම්බන්ධ සිදුවිම හා පොලිස් නිළධාරියාට පහරදිම ගැන අදහස් දක්වමින් ගම්මන්පිල මහතා මේ බව පවසා සිටියා.

ශාන්ත පද්ම කුමාර මහතාගේ ඉඩමේ සේවය කල සේවකයින් මෙම කුමන්ත්‍රණයේ කොටස්කරුවන්දැයි එහිදි ඔහු විමසා සිටිනවා.

පහරකෑමට ලක්වු පොලිස් නිලධාරියා සුරියවැව රෝහලට ඇතුලත් කර ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මුලික රෝහලට මාරුකරන බවත් එලෙස කිසිදු පහර දිමක් සිදු නොවු පුද්ගලයෙක් රෝහලට ඇතුලත් කර ගනිමින් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගියා මාරුකල ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරුන්ද මෙම කුමන්ත්‍රණයේ කොටස්කරුවන් ද යන්න ප්‍රශ්න කිරිමට සිදුවන බව ගම්මන්පිල මහතා පවසනවා.

දී…සා… ඔෆ් කෝස් වෙරි බිග් කුච්චන් යැයි පවසමින් ගම්මන්පිල මහතා අවධාරණය කළේ මල් පැල ලෙස පැවසුවද මොන මල් පැලද යන්න නොපැවසු බවයි.

කොලු භාෂාවෙන් කංසාවලට මල් පැල ලෙස කියනා බවත් මල්පැල සිටවමු ලෙස යෝජනා කලේ ගංජාකාරයන් පාර්ලිමේන්තු ගෙනියමු යන අදහසින් ද යන සාධාරණ සැකය ඇතිවන බව ඔහු පවසා සිටියා.

තවදුරටත් අදහස් දක්වමින් ගම්මන්පිල මහතා අවධාරණය කලේ ශාන්ත පද්මකුමාර නමෙහි පද්මකුමර යනු මල් කුමාර යන්න බවත් වර්තමාන ආණ්ඩුව පොලිසිය බයිට්එකට ගැනිම අද ඊයේ ආරම්භ නොකල දෙයක් බවයි.

සතියක් පුරා රංවල මන්ත්‍රිවරයා ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් ඔහුට එරෙහිව චෝදනා කිසිවක් නොමැති වුවද සපුගස්කන්ද පොලිසියේ නිලධාරින්ට එරෙහිව විනය පියවර ගෙන තිබෙන බව ඔහු සඳහන් කළා.

ශාන්ත පද්ම කුමාර මහතාගේ ගංජා වගාවේ වැටලිමට ගිය එක් නිලධාරියෙක් මේ වන විට ස්ථාන මාරුකර තිබෙන බවත් තවත් නිලධාරියෙක් පහර කෑමට ලක්ව රෝහල් ගතව සිටින බව ගම්මන්පිල මහතා පැවසුවා.

මෙහිදි ගම්මන්පිල මහතා බාල බෙහෙත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ විපක්ෂයේ සිටිනාවිට බාල බෙහෙත්වලට හඬ නැගු නලින්ද ජයතිස්ස මහතා, සෞඛ්‍ය ඇමති වි ඹෟෂධ බාල බෙහෙත් විමට ඇමතිවරයා වඟකිව යුතු නැති බවට පවසන බව සඳහන් කළා.

එලෙස දොන් නම් දොන් සිමන් නම් සිමන් ලෙස දොන්සිමන් දෙකම නොහැකි බවත් පොලිසියට හා නීතිපතිවරයාට ස්වාධිනව කටයුතු කරමින් නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතිවරයාට නීතිය ක්‍රියාත්මක කිරිමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: