hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි 12, පෙ.ව. 11:44



ප්‍රශ්නගත හය වසර මොඩියුලයේ වෙබ් අඩවියක් නොතිබුණු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන පවසයි.

“වෙබ් අඩවියක් තිබ්බේ නැහැ. වෙබ් අඩවියක නමක් තමයි තිබුණේ. නිලධාරීන් ඒකේ වගකීම ගන්න ඕන. ඕනකමින් කරපු දෙයක් නෙමෙයි, ඒක නොදැනුවත්කමින් අත්වැරදීමකින් කළ දෙයක්.

අත්වැරදීම් වෙන්න පුළුවන්. අපි ඒ පොත් ළමයින්ට බෙදුවේ නෑ. ඒ පොතේ පිටුව ඇරෙන්න අපි ඒ දේ ඉස්සරහට ගෙනියනවා. අපරිණත විපක්ෂයක් අද තියෙන්නේ.”

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඇමති ක්‍රිශාන්ත අබේසේන මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: