2026 ජනවාරි 18, පෙ.ව. 12:32
විපක්ෂයේ උපායමාර්ගය සහ මැතිවරණ කාලසීමා, විපක්ෂයේ දේශපාලන ශක්තිය ආණ්ඩුවට නොපෙනීම අපට ලැබුණු වාසියක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.
“විශ්වාසභංගය කියන්නේ මේ ආණ්ඩුවට විරෝධය පළකිරීමක්. එයට ඉතාමත් සාධාරණ නිමිත්තක් තිබෙනවා. අගමැතිනිය අධ්‍යාපන ඇමැතිවරිය ලෙස ගෙන යන මේ වැඩපිළිවෙළ දරුවන්ගේ අනාගතයට හානිකර බවත්, මෙය රටේ මවුපියන් සහ පුරවැසියන් වෙනුවෙන් කරන මැදිහත්වීමක්.
බහුතර බලයක් ඇති ආණ්ඩුවක් හමුවේ විශ්වාසභංගයක් ජයග්‍රහණය කිරීම අපහසු වුවත් එය මහජන විරෝධය ප්‍රකාශ කරන සහ අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙන ප්රජාතන්ත්රවාදී දේශපාලන මෙවලමක් ලෙස භාවිත කරනවා.
ආණ්ඩුවට යම් දේශපාලන සවිඥානයක් තියෙනවා නම් සහ දුන් පොරොන්දු මතකයේ තියෙනවා නම්, ආණ්ඩුවට යම් තීරණයක් අගමැතිනිය සම්බන්ධයෙන් ගන්න වෙනවා. නමුත් ඇයව එම තනතුරට පත්කළේ කොහොමද කියා ආණ්ඩුව දන්නේත් නැතිව ඇති. ඒ ගැන අදහසක් නෑ. කෙසේ වෙතත් අපි විරෝධය පළ කරනවා”
ඔහු මේ බව සඳහන් කළේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
2026 ජනවාරි 18, පෙ.ව. 12:35
2026 ජනවාරි 18, පෙ.ව. 12:29
2026 ජනවාරි 18, පෙ.ව. 12:27
2026 ජනවාරි 18, පෙ.ව. 12:13
2026 ජනවාරි 18, පෙ.ව. 12:10
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26