2026 ජනවාරි 23, ප.ව. 2:06
සිසුන් 50ට අඩු පාසල් වසා දැමීමේ වැඩපිළිවෙළ යටතේ විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
ඔහු පවසා සිටි ආකාරයට, “සිසුන් 50ට අඩු පාසල් වසා දැමීමේ වැඩපිළිවෙළ යටතේ ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් 11,000ක් පමණ අඩු කිරීම වේ.නමුත් මෙරට සිසුන් 50ට අඩු පාසල් 1,506ක් වසා දැමීමට සැලසුම් කිරීම මගින් එම පාසල්වල සිසුන් 48,000ක් පමණත්, ගුරුවරුන් 9,882ක් පමණත්, විදුහල්පතිවරුන් සහ වැඩබලන විදුහල්පතිවරුන් 1,506ක් පමණත් සේවය කරයි.ඒ අනුව වසා දැමීමට නියමිත පාසල් අතර උතුරු මැද පළාතේ පාසල් 159ක් ඇතුළත් වන අතර ඒ අතුරින් පාසල් 08ක් මේ වන විටත් වසා දමා ඇත.” ලෙසයි.
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවේදී, මෙම වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළා. අලුතින් නිකුත් කර ඇති 34/2025 චක්‍රලේඛනයේ අට වැනි වගන්තිය මගින් ළමයින් 50ට අඩු පාසල් වසා දැමිය යුතු බවට සෘජුවම දක්වා ඇත. එහි පළමු පියවරක් ලෙස, 2026 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම සිදු නොකරන ලෙස මේ වන විටත් පාසල් 500කට පමණ දැනුම් දී ඇති බව වාර්තා වන අතර, එමගින් ලබන වර්ෂය වන විට එම පාසල් “ස්වාභාවික මරණයකට” පත් වනු ඇත.”
මේ තුළින් ආණ්ඩුවේ අරමුණ සාර්ථක වන බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය, මෙම ක්‍රියාවලියට දැඩි විරෝධය පළ කරන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.
ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරන ආකාරයට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව, සියලුම දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය නොමිලේ ලබාදීම සහ ඔවුන් සුරක්ෂිත කිරීම යන කරුණු සම්බන්ධයෙන් රටක් ලෙස ශ්‍රී ලංකාව එකඟ වී සිටියි. කෙසේ වෙතත්, ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙත මගින් එම එකඟතාවලින් සම්පූර්ණයෙන්ම බැහැර වන බවත් විශේෂයෙන්ම, මෙම පාසල් වසා දැමීම තුළින් ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ට අධ්‍යාපනය අහිමි වීමේ අවස්ථාව පුළුල් වන බවද ඔහු පෙන්වා දෙයි.
2026 ජනවාරි 23, ප.ව. 6:37
2026 ජනවාරි 23, ප.ව. 6:16
2026 ජනවාරි 23, ප.ව. 5:37
2026 ජනවාරි 23, ප.ව. 4:51
2026 ජනවාරි 23, ප.ව. 4:12
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26