hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2026 ජනවාරි 23, ප.ව. 5:37



ජනාධිපති අනුර දිසානායක යාපනේදී සිදුකළේ කොන්ද පණ ඇති ප්‍රකාශයක් බවත් මෙතෙක් කිසිදු නායකයෙකුට එවැනි ප්‍රකාශයක් කළ නොහැකි වූ බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පවසයි.

එම ප්‍රකාශය විපක්ෂය විසින් විකෘති කර ඇති බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, කිසිම බෞද්ධයෙක් නොමැති ස්ථානයක පන්සලක් හදා බස්වලින් සෙනග ගෙන්වා උද්ඝෝෂණ කර රට ගිනි තැබීමට උත්සාහ කරන විට සෙසු ජනාධිපතිවරුන් නිහඬව සිටි බවද පෙන්වාදෙයි.

දෙමළ ජනතාව කතරගම දෙවියන් පිදීමට ආවේ බුදු දහම ලංකාවට ලැබීමටත් පෙර සිට බවත් එය සහ තිස්ස විහාරයට බෞද්ධයන් යෑම සමාන කළ නොහැකි බවද ශානක්කියන් රාසමානික්කම් ප්‍රකාශ කරයි.

අද (23) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: